පාසල් දරුවන්ට රතු එළියක්..මෙතෙක් දුන් දෙයක් නතර කරයි?..
මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් පාසල්වල දිවා ආහාරය සැපයීමේ සේවාවන් ගෙන් බොහෝ පිරිසක් ඉවත්ව ඇතැයි අණාවරණය වෙමින් පවතිනවා.
පවතින ආර්ථික අර්බුදය සමඟ එදිනෙදා වියදම් කළමනාකරණය කරගත නොහැකිව ආහාර සපයන පිරිස් දැඩි අර්බුද රැසකට මුහුණ දී ඇති බවටයි දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් වාර්තා වන්නේ.
දකුණු පළාතේ පාසල්වල ප්‍රාථමික අංශයට දිවා ආහාර සපයන පුද්ගලයන්ට මේ වසරේ පෙබරවාරි මස සිට මෙතෙක් අදාළ මුදල් නොගෙවා ඇති බවයි පැවසෙන්නේ.
අධ්‍යාපන අමාත්‍යංශය මේ පිළිබඳ විමසීමේදී ප්‍රකාශ කළ සිටින්නේ, මුදල් ප්‍රතිපාදන සම්බන්ධ ගැටලුවක් පවතින නිසා මෙම මුදල් ගෙවීම සිදු කිරීම නොහැකි වී ඇති බවයි.
ඒ අනුව මේ වසරේ පෙබරවාරි මාසයේ සිට මෙතෙක් අදාළ මුදල් දකුණු පළාතේ සියලුම පාසල්වලට නොගෙවා ඇති නමුත් බස්නාහිර පළාතේ පාසල්වලට අදාළ මුදල් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාසල්වලටද දිවා ආහාරය සපයන්නන්ට එම මුදල් නොගෙවා ඇති බවද අණාවරණය වී ඇත.
මෙවැනි තත්ත්වයක් තුළ අදාල පාසල් වලට ආහාර සපයන්නන්ට මුදල් නොගෙවීම නිසා ඔවුන් එම කාර්යයෙන් ඉවත් වුවහොත් පාසල් දරුවන් දැඩි අපහසුතාවයකට මුහුණ දෙනු ලැබේ.
මේ පිළිබඳව රජය වහාම අවධානය යොමු කර කඩිනම් විසදුමක් ලබා දෙන්නට කටයුතු කරන්න.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |