මැයි 01 වන දා සිට පාසල් ළමුන් සම්බන්ධව සතුටුදායක තීරණයක් ගනී..

Ministry of Education Sri Lanka
By Aruna Apr 23, 2023 02:11 AM GMT
Report

මැයි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව පහළ දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි.

එහි සභාපති එන්. එම්. කේ හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා සඳහන් කළේ 5% – 8% අතර අගයකින් ගාස්තු පහළ දැමීමට සැලසුම් කර ඇති බවය.

මේ අතර උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව කොටස් වශයෙන් සිදු කිරීම ඵල දායක නොවන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා කියා සිටියේ, දෙමළ භාෂා විභාග ප්‍රශ්න පත්‍ර පමණක් පරික්ෂා කිරීම පෙරේදා(21) ආරම්භ කෙරුණ ද එය සමස්ත ක්‍රියාවලියට යහපත් නොවන බවයි.

මේ අතර ගුරු මාරු සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පෙරේදා (21)අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

එහිදී උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක් වූ බවයි ගුරු සංගමයේ උප සභාපති රසික හඳපාන්ගොඩ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now