සියලුම පාසල් සම්බන්ධයෙන් කරන්න යන දේ ගැන අධ්‍යාපන ඇමතිගෙන් දැනුම්දීමක්..

Ministry of Education A D Susil Premajayantha National Institute of Education Sri Lanka
By Aruna Dec 21, 2022 11:45 PM GMT
Report

ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපවත්වා පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබා දී එහි ලකුණු වාර්තා තබාගෙන ඒවා සහ වර්ෂාවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ බප/කො/ කැතිඩ්‍රල් පිරිමි විද්‍යාලයේ නත්තල් සැමරුම් උත්සවයකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.

අවශ්‍ය වෙනස්කම් සිදු කර ඉදිරියේ දි පාසලෙන් පිට වන දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය හෝ දක්ෂතා හා කැමැත්ත මත කාර්මික විද්‍යාලවලට හෝ ඇතුළත් ව වැඩිපුර පුහුණු/ අධ්‍යයන අවස්ථා සලසාගත හැකි වැඩපිළිවෙළ ද සූදානම් කරන බව අමාත්‍යවරයා මෙහි දී කියා සිටියා.

නිවාඩු අඩු කර වැඩියෙන් වැඩ කර ලබන දෙසැම්බර් මාසය වන විට සියලු විෂය නිර්දේශ ආවරණය කර පාසල් අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඒ සඳහා අවශ්‍ය නිල ඇඳුම්, පෙළපොත් හා අවශ්‍යතාව පරිදි අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ ද නිසි කලට ලබා දීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා අපහසුවෙන් වුව නැගී සිටිමින් දුෂ්කර අවස්ථා ජයගත යුතු බවත් එහි දී විනයගරුකභාවය අතිශයින් ම වැදගත් වන බවත් පැවසී ය.

මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු ද සහභාගී වී සිටියහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now