පාසල් සිසුන් 81 ක් දෙනෙකුට සිදු කළ දේ මෙන්න..මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න.

Ministry of Education A D Susil Premajayantha Sri Lanka
By Aruna Dec 16, 2022 12:32 AM GMT
Report

පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමු කර තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (15 වැනිදා) පැවති මාධ්‍ය හමුවේ දී ය.

පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට යොමු වීම වළක්වා ගැනීම සඳහා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සහ පොලිස් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද කී ඇමැතිවරයා මෙසේද කීවේය.

අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙතෙක් නීතිමය තත්ත්වයක් තිබුණෙ නැහැ.

දැන් අයිස් මිලි ග්‍රෑම් පහක් ළඟ තබා ගෙන සිටියත් මරණ දඬුවම දෙන්න පුළුවන්.

විෂ මත්ද්‍රව්‍යවලට අදාළ පනතේ වර්ග එකසිය හැත්තෑ අටක් අන්තර්ගතයි.

මේ සම්බන්ධයෙන් සමාජය දැනුවත් විය යුතුයි. දෙමව්පියන් දැනුවත් විය යුතුයි.

විශේෂයෙන් කොළඹ ඇතැම් ප්‍රදේශවල මෙවැනි තත්ත්වයන් වැඩි වශයෙන් දැකිය හැකියි.

එවැනි පාසල්වලට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීමටත් දෙමව්පියන් දැනුවත් කිරීමටත් අමාත්‍යාංශය විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

මෙවැනි තත්ත්වයන් කළමනාකරණය කර ගන්නේ කෙසේද යන්න ගැන විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීම දැනටමත් ආරම්භ කර තිබෙනවා.

පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලින් ගලවා ගැනිම සඳහා අඛණ්ඩ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now