රට පුරා පාසල් දරුවන් සම්බන්ධයෙන් රතු එළියක්..

Ministry of Education Sri Lanka Economic Crisis Sri Lanka
By Aruna Oct 19, 2022 02:21 AM GMT
Report

පවතින ආර්ථික අර්බුදයත් සමග සිසුන් පාසල් වෙත පැමිණිමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

පාසල් ගුරුවරුන් සම්බන්ධ කරගනිමින් සිදු කෙරුණු සමීක්ෂණයකදී එම තොරතුරු අනාවරණ වූ බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා කියා සිටියේ.

ප්‍රවාහන අපහසුතා, පාසල් උපකරණ මිලදී ගැනීමට නොහැකි වීම වැනි කරුණු ඊට බලපා ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

පාසල් පැමිණෙන සිසුන් තුළ අධ්‍යාපනය ලැබීමට ඇති උනන්දුවද පහළ මට්ටමක පවතින බව එම සමීක්ෂණයේදී අනාවරණ වූ බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ.

මෙම සමීක්ෂණයේ තොරතුරු තවත් පාර්ශව කිහිපයක තොරතුරු හා සසදා රටේ අධ්‍යාපනයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමට කටයුතු කරන බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් සදහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now