පාසල් කිහිපයක දරුවන් සම්බන්ධයෙන් සංවේදී පුවතක්..මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න..

Ministry of Education Sri Lanka
By Aruna Sep 22, 2022 01:36 AM GMT
Report

තන්තිරිමලේ පාසල් කිහිපයක දරුවෝ උදෑසන රැස්වීම්වල දී සිහිසුන් ව ඇද වැටෙති මැදවච්චිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තන්තිරිමල ප්‍රදේශයේ පාසල් කිහිපයක ම දරුවන්, පාසල් උදෑසන රැස්වීමේ දී සිහිසුන් ව ඇද වැටීමේ සිද්ධි කිහිපයක් ම වාර්තා වනවා.

තන්තිරිමලේ තම්බියාව ගමේ පිහිටි ධර්මපාල විද්‍යාලය, කිඹුල්වැව ආනන්ද විද්‍යාලය හා මහවිලච්චිය සිද්ධාර්ථ යන විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙකු යි මෙසේ සිහිසුන් ව ඇද වැටී ඇත්තේ.

මෙසේ සිසු සිසුවියන් සිහිසුන් ව ඇද වැටීම නිසා, උදෑසන රැස්වීම නියමිත කාලයට කලින් නැවැත්වීමට ද සිදු වූ බව අදාළ පාසල්වල විදුහල්පතිවරුන් පවසනවා.

මෙම ඇතැම් දරුවන් රාත්‍රියට හා උදෑසනට යන වේල් දෙකට ම ආහාර ගෙන නැති බව යි සඳහන් වන්නේ.

මේ අතර ආහාර සපයා ගැනීමට මුදල් නොමැතිකම හේතුවෙන් ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාරය සඳහා කළටි පොල්මද රැගෙන ඒමේ සිද්ධියක් සහ රාත්‍රී ආහාරය ලබාගත නොහැකි සිසු සිසුවියන් පිරිසක් පිළිබඳව මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසලකින් අනාවරණය වේ.

එය කනිෂ්ඨ ද්විතියික පාසලකි.

සිද්ධියට මුහුණ පා ඇති ශිෂ්‍ය නායිකාව පාසලේ නවවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. ඇයගේ පියා කුලී වැඩවල නිරත වන අතර, මව ගෘහණියකි. ඇයට වැඩිමහල් සහ බාල සොයුරු සොයුරියන් කිහිපදෙනෙකුද සිටී.

මෙම විදුහලේ තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තවත් සිසු සිසුවියන් පිරිසක්ද ආහාරය සපයා ගැනීමේ ගැටලුවට මුහුණ දීම නිසා පාසලේ ගුරුවරුන් කිහිපදෙනෙකු ආහාර පාර්සල් සාදාගෙන පැමිණ එම සිසු සිසුවියන්ට ලබාදී ඇත.

මෙම විදුහලේ පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වේ.

එලෙස තුන්වැනි ශ්‍රේණියේ සිසු සිසුවියන්ට දිවා ආහාර සැපයූ මවක ඉතිරි වූ ආහාර රැගෙන ආපසු යද්දී සිසු සිසුවියන් පවසා ඇත්තේ තමන්ට තව ආහාර ලබාදෙන ලෙසය.

එම මව සතුව ඉතිරිව තිබී ඇත්තේ ව්‍යංජන නොමැතිව බත් පමණි.

තුවන ශ්‍රේණියේ සිසු සිසුවියන් ඉතිරි වූ බත් ඉල්ලාගෙන එම බත් පමණක් ආහාරයට ගෙන ඇතැයි විදුහලේ ආරංචිමාර්ග කියයි.

මෙලෙස ආහාර යළි ඉල්ලාගත් සිසු සිසුවියන් පෙරදින රාත්‍රියේද ආහාර ගෙන නොතිබූ බව අනාවරණය වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now