ප්‍රධන පෙළේ පාසලක දරුවන් කුසගින්න දරාගන්න බැරිව කළ සංවේදී දේ මෙන්න..

Ministry of Education Sri Lanka
By Aruna Sep 18, 2022 04:24 AM GMT
Report

අද වන විට රට තුළ ඇති වී තිබෙන උද්ධමන තත්ත්වයත් සමඟ පෝෂණ අවශ්‍යතාවය දුප්පත් සිසුන්ට පමණක් නොව මධ්‍යම පාන්තික දරුවන්ට ද ඇති වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය සඳහන් කරයි.

ප්‍රධාන පෙළේ ජාතික පාසලක උසස්පෙළ දරුවන් දෙදෙනෙක් බුද්ධ පූජාව හොරෙන් කා ඇති බවත් තවත් දරුවෙකු බත් ගෙනවිත් තිබුනේ මිරිස්කුඩු ඉස ගෙන බවත් ඒ ආර්ථික අපහසුතාවයන් නිසා බවද ඇය පැවසීය.

එනිසා සැලසුම්කරණ ආහාර වැඩපිළිවෙළකදී කිසිදු දුරස්ථභාවයක් ඇති නොකර සියලු දෙනාටම පෝෂණීය ආහාර වේලක් ලබාදිය යුතු බවද ඇය සඳහන් කළාය.

ඇය මෙම අදහස් පළ කළේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව කොළඹ දිස්ත්‍රික් ඒකාබද්ධ කමිටුව ඊයේ දිනයේ රැස්වූ අවස්ථාවේදී ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now