පාසල් සිසුන්ට නොයුතු තැන යනුවෙන් අලුත් දෙයක්..සිංහයින්ගෙ වැඩක්..
නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සිංහල මාධ්‍යයේ පාසල් සිසු සිසුවියන් සහභාගි කර ගනිමින් නොයුතු තැන යන මැයෙන් සම්මන්ත්‍රණයක් නුවරඑලිය ගාමික ජාතික පාසලේ ශ්‍රවණාගාරයේදි (13) දින පවත්වනු ලැබුහ.
සිංහ සමාජය විසින් දිප ව්‍යාප්ත පවත්වනු ලබන මෙම සම්මන්ත්‍රණයේ 173 වෙනි සම්මන්ත්‍රණයයි ගාමිණි ජාතික පාසලේදි පවත්වනු ලැබුවේ.
දැයේ හෙට දවස වෙනුවෙන් නැණවත් , ගුණවත් , සංවේදි සමාජයක් බිහි කිරිම යන මැයෙන් මෙම සම්මන්ත්‍රණය ගාල්ල කරාපිටිය සිංහ සමාජයේ සංකල්පයකට අනුව පවත්වනු ලැබුහ.
සමාන්‍යපෙල සහ උසස්පෙල වයස් මට්ටම්වල පාසල් වියේ පසුවන සිසුන් මත්ද්‍රව්‍ය ඇතුළු සමාජ විරෝධි කියාවලට ඇබ්බැහිවිමේ ප්‍රතිශතය ඉහල යාම නිසා එම සිසුන් යහමගට ගැනිමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය පවත්වනු ලැබුහ.
මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශකයා වශයෙන් ප්‍රවිණ දේශකයෙකු සහ බන්ධනාගාර දෙපාර්තුමේන්තුවේ ජෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි වශයෙන් කටයුතු කරන ජගත් විරසිංහ මහතා සහභාගි විය.
මෙම සම්මන්ත්‍රණයේදි ජෙෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරයා විසින් පාසල් වයසේ ළමුන් නොමග යන ආකාරයත් , එම ළමුන් යහපත් මගට ගැනිමට ඇති හැකියාව පිලිබදව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි විමෙන් ලැබෙන දඩුවම් පිලිබදවත් සම්මන්ත්‍රණයට සහභාගි වු ළමුන් දැනුවත් කිරිම සිදු කෙරිණ.
මෙම සම්මන්ත්‍රණයට නුවරඑලිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.එස්.එන්.පිරිස් , ගාල්ල කරාපිටිය සිංහ සමාජයේ සභාපති සිංහ නිශාන්ත රුමේෂ් ගමගේ , නුවරඑලිය , ගාල්ල කරාපිටිය සිංහ සමාජයේ සමාජික සමාජිකාවන් විශාල පිරිසක් මෙම අවස්තාවට සහභාගි විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |