08 වසරේ සිසුවියක් බියර් ගෙනත් සිසුන් 08කට පොවලා..ලංකාවේ ප්‍රධාන සහ ජනප්‍රිය පාසලක්ලු.
අට වසරේඉගෙනුම ලබන සිසුවියක් විසින් පාසල් සිසුන් අටදෙනකුට පමණ නිවෙසින් පාසලට රැගෙන ආ බීර පෙවූ අපූරු පුවතක් ගාලු දිසාවේ රූකඩවලට නමක් ගත් නගරයක ප්‍රධාන පාසලකින් අසන්නට ලැබෙනවා. ලංකාවේම නමක් ගත් පාසලකි.
නමට සලකන පාසලකි. එමෙන්ම මෙරටට උගතුන්, බුද්ධිමතුන් බිහි කිරීමේ තෝතැන්නක් වූ පාසලකි.
සිය විදුහලේ අට වසරේ සිසුවියක පාසලට බීර රැගෙන ආ බවට තොරතුරු පාසල් බලධාරීන්ට එන්නේ පාසල් ළමයින්ගෙනි..
සිසුවිය රැගෙන ආ බීර එම වසරේම සිසුන් පානය කළ බවටද තොරතුරු එයි.
පාසල් බලධාරීන් අනාවරණය කරගත් තොරතුරු අනුව මෙය ඇත්තක්දැයි සොයා බලන්නේ සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් දෙවියන්වත් නොඅදහන බැවිනි. වැඩේ ඇත්තකි.
පාසල් බලධාරීන්ට දවල් තරු පෙණින. අට වසරේ සිසුවිය පාසලට බියර් ගෙනා ආවේ කෙසේද ඒවා සිසුන් පාසල් වේලාව තුළදීම පානය කළේ කෙසේදැයි යන්න පිළිබඳව සලකා බැලීමේදී පාසල් බලධාරීන් සිටියේ කොහේදැයි යන්න තමන්ට බලවත් ප්‍රශ්නයක් බව මාපියෝ කියති.
ප්‍රධාන පුවත් පතකින් උපුටා ගැනීමක්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |