පාසල් සම්බන්ධයෙන් ලබන සතියේ කරන්න යන දේ මෙන්න..
Ministry of Education
A D Susil Premajayantha
Sri Lanka
By Aruna
ලබන සතියේ පාසල් අධ්‍යන කටයුතු සිදු වන ආකාරය පිළිබඳ තීරණය ලබන සෙනසුරාදා ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
මෙම සතියේ පාසල් කටයුතු සිදු වන ආකාරය අධ්‍යනය කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ.
ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ලබන සතිය වන විට සාමාන්‍ය තත්වයකට පත් කිරීමට හැකි නම් පාසල් කටයුතුද සාමාන්‍ය පරිදි පැවැත්වීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා ගෙන් සිදු කළ කරුණු විමසීමකදී කියා සිටියේ.
ඊයේ දිනයේ දී පාසල්වලට සිසුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් පළාත් මට්ටමින් වාර්තාවක් ලබා ගැනීමට අද දිනයේ පියවර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් සදහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |