පාසල් සිසුන් සම්බන්ධයෙන් භයානක හෙළිදරවවක්..දෙමව්පින් දැඩි අවධානයෙන්.

Ministry of Education Sri Lanka
By Aruna May 03, 2022 05:06 AM GMT
Report

පාසල් වලට කුසගින්නේ පැමිණෙන සිසුන් ප්‍රමාණය ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පති වරුන්ගේ සංගමය සඳහන් කරනවා.

එහි සභාපති සුජීව විමලරත්න මහතා පෙන්වා දෙන්නේ, පාසල් මූලික කර ගනිමින් පැවති පෝෂණ වැඩ පවා මේ වන විට ඇණ හිට ඇති බවයි.

පොත් පත් විශාල ලෙස මිල ඉහළ යාම, සපත්තු මිල ඉහළ යාම, නිල ඇඳුම් මිල 200% කින් ඉහළ ගොස් තිබෙන බවත් ආහාර මිල ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බවත් ඔහු සඳහන් කළා.

ඇතැම් සිසුන් උදෑසන පාසල් රැස්වීමේ දී ක්ලාන්ත වී බිම ඇද වැටෙන තත්වයක් ඇතිවී තිබෙන බවත් ඔවුන්ගෙන් විමසීමේ දී උදෑසන ආහාරය ගෙන නොමැති බව හෙළි වන බවත් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මීට පෙර කුසගින්නේ පාසලට පැමිණෙන සිසුන් හතර පස් දෙනකු පන්තියක සිටි බවත් නමුත් මේ වන විට එම ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් පැවසූ ඔහු එයට හේතු වී ඇත්තේ පවතින ආර්ථික අර්බුදයෙන් දෙමාපියන්ට දරුවන්ට ආහාර වේලක් ලබා දීමට නොහැකි වීම බවද ඔහු කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now