පාසල් ලමුන්ට නිල ඇඳුම් රෙදි ලබාදෙන දිනය අධ්‍යාපන ඇමති කියයි
Ministry of Education
A D Susil Premajayantha
By Sithumi
එළඹෙන 2024 වසරේ සිට 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වන සියලුම ශ්‍රේණිවල විෂය මාලාව යාවත්කාලීන කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
එමෙන්ම 08 ශ්රේණීයේදී “කෘතිම බුද්ධිය” විෂයක් ලෙස ඉගැන්වීම ආරම්භ කිරීමට අවශ්‍ය සාකච්ඡා මේවනවිට ආරම්භ කර ඇති බවයි කොළඹ අද පැවැති උත්සවයකදි අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම මාර්තු මස 15 වනදා වනවිට පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි ලබාදීමට කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් සඳහන් කළා.