හෙල්මට් වලින් පාසල් සිසුවෙකුට දැඩි ප්‍රරහාරයක්..!

Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi May 21, 2023 11:16 AM GMT
Report

මේ දිනවල සාමාජ මාධ්‍ය ඔස්සේ පාසලක අධ්‍යාපනය ලබන දරුවන් පිරිසක් මාර්ගයේ දී තවත් සිසුවෙකුට හෙල්මට් හා පොලු මුගුරුවලින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සංසරණය වෙමින් පවතී.

මෙම සිද්ධිය සිදු වන්නේ, වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පාසලක බවයි වාර්තා වන්නේ.

අදාල පහර කෑමෙන් සිසුවෙකු තුවාල ලබා ඇති අතර, පහරකෑමට ලක්වු සිසුවා සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වනවා.

  සිසුවාට හෙල්මට් හා පොලු මුගුරුවලින් පහරදුන් සිසුන් දෙදෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිසුන් අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් පහරදීමට හේතුවී ඇති අතර, සිසුවාට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බැවින් ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වා පහරදීමට සම්බන්ධ අනෙක් දරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලීසිය කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now