පොලිස් නැන්දා අම්මා දුවගේ පෙම් පලහිලව්වක් නිසා පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදීලා..(PHOTOS)

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Jun 23, 2023 05:03 PM GMT
Report

කඹුරුපිටිය ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයකු විසින් පාසල නිමවි සිය නිවස වෙත යමින් සිටි සිසුවෙකු පැහැරගෙන ගොස් තම දියණිය සමග පවතින ප්‍රේම සම්බන්ධතාවය නතර කරන ලෙස තර්ජනය කොට පහර දුන බවට චෝදනා කරනවා.

එම ශිෂ්‍යයා කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කොට ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.ඉකුත් (20 ) දින කඹුරුපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු පාසල නිමවී නිවසට යමින් සිටියදී පොලිස් කාන්තාවක් ඇතුළු පිරිසක් පැමිණ මෙම සිසුවාගේ පියා හමුවිමට යන බව පවසමින් සිසුවා රවටා ගෙන කඹුරුපිටිය පරණ බස් නැවතුම් පොළ මංසන්ධිය දක්වා රැගෙන එතැන් සිට මෝටර් රථයක නංවාගෙන කඹුරුපිටිය සතොස අසල පිහිටි අතුරු මාර්ගයකට ගෙන ගොස් තම දියණිය සමග ඇති ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙසට තර්ජනය කොට පහර දී ඇත.

මෙලෙස පහරදීමෙන් පසුව වයස 15 වන පාසල් සිසුවා කඹුරුපිටිය සතොස ආයතනය අසල දමා ගොස් ඇති අතර සිසුවාගේ දෙමව්පියන් විසින් සිද්ධිය සම්බන්ධව කඹුරුපිටිය පොලිසියට පැමිණිළි කිරීමෙන් අනතුරුව දෙපාර්ශවයම කැදවා විමර්ශනයක් සිදුකර සිද්ධිය සමථයකට පත්කර ගැනිම සදහා සිසුවාගේ පියාට රුපියල් දස දහසක මුදලක්(10000 ) ලබාදුන් බවද සිසුවාගේ පියා පවසයි.

පහරදීම සම්බන්දයෙන් චෝදනා එල්ලවන පොලිස් නිලධාරිණිය කඹුරුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන බව සදහන් වේ. මෙම පොලිස් කාන්තාව මින් පෙර අවස්ථාවකදී ද ප්‍රහාරයට ලක් වූ සිසුවාගේ පියාට අයත් ව්‍යාපාරික ස්ථානය ගොස් චෝදනා කරමින් තර්ජනය කළ බවට සඳහන් වෙනවා.

කෙසේ වෙතත් මෙම සිසුවා මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත අතර ඔහු කඹුරුපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සිසුවාගේ පියා පවසයි මෙම සිදුවීම පිලිබදව මාතර සහකාර පොලිස් අධිකාරි දෙක මහේෂ් පෙරේරා මහතා යටතේ විශේෂ විමර්ශනයක් සිදුකරන බව මාතර කොට්ඨාසය භාර ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතා පැවසීය.