පාසල් සිසුන්ට නරක ආරංචියක් - ප්‍රවාහන ගාස්තු ඉහළට

Transport Fares In Sri Lanka Latest Headlines School Children schools
By Kanchana Mar 22, 2026 06:01 AM GMT
Report

පාසල් සිසු ප්‍රවාහන ගාස්තු සියයට 10කින් වැඩිවෙයි.

ඉන්ධන මිල ඉහල දැමීම හමුවේ දෙවැනි වරටත් පාසල් සිසු ප්‍රවාහන ගාස්තු ඉහල දැමීමට සිදුවෙන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසු ප්‍රවාහන සංගමය අද (22) අම්බලන්ගොඩදී පැවති මාධය හමුවකදී කීවේය.

එහිදී දෙවැනි වරද පළමු වර මෙන් සියයට දහයකින් ගාස්තු වැඩි කරන බව සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා කීවේය.

වැඩිකරනු ලැබු සිසු ගාස්තු අය කරනුයේ මැයි මාසයේදී බවත් රුවන් මහතා කීය.