"..අම්මේ මම මාළුවෙක් අරන් එන්නම්.." සිසුවාගේ අවසන් වචනය..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Latest Headlines
By Sewvandhi
කහතුඩුව, පොල්ගස්ඕවිට පාලගම පදිංචිව සිටි හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ දොළොස්වන වසරේ ඉගෙනුම ලැබූ හේෂාන් මිනෝල්ෂ නම් පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු පාසල් වොලිබෝල් කණ්ඩායමේද කැපී පෙනෙන ක්‍රීඩකයෙක් බවයි වාර්තා වෙන්නේ.මේ සිසුවා තවත් සිසුන් 10 දෙනෙක් සමග කැබ් රථයකින් දියවළක දිය නෑමට ගොස් තිබෙනවා.
වාර්තා වන්නේ, නිවසින් පිටවීමට පෙර " අම්මේ මම මාළුවෙක් අරන් එන්නම්" යනුවෙන් පවසා නිවසින් පිටව ගොස් ඇති බවයි.
සිදුකළ මූලික විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ, මෙසේ මිතුරන් සමඟ පිටව ගිය සිසුවා එක්වරම වතුරට පැන ඇති අතර දිය යටට ගොස් නොපෙනී ගොස් ඇති බවයි.