මිතුරන් බලා සිටියදීම ජල රකුසාට බිලි වූ පාසල් සිසුවා - එම අවස්ථාවේ සංවේදී දර්ශන සහිතයි..(VIDEO)
Gampaha
drowning
School boy
Dharaluwa
Weeragula
By Sewvandhi
ජීවිත අවදානම නොතකා නොදන්නා ස්ථානවල දියනෑමට ගොස් සිදුවන අවාසනාවන්ත අනතුරුවලට ලක්ව ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන අවස්ථා බොහොමයක් වාර්තා වී තිබේ. තවත් එවැනි අවාසනාවන්ත අනතුරක් අද වාර්තා වන්නේ ගම්පහ දාරළුව ප්‍රදේශයෙන්.
ගම්පහ දාරළුව ප්‍රදේශයේදී දියේ ගිලීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 16 හැවිරිදි වියේ පසුවන වීරගුල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවට හඳුනාගෙන ඇත.
මෙම සිසුවා පාසල් යන බව මව්පියන්ට පවසා නිවසින් පිටව ගොස් ඇති බව අනාවරණය වී තිබේ. අද දහවල් මිතුරන් පිරිසක් සමඟ ගම්පහ කෙටවල ඇනිකට් එක ආසන්නයේ දිය නෑමට ගොස් සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.
මේ අතර අදාළ අනතුර සිදුවන අයුරු ඒ අසළ සිටි පුද්ගලයෙකුගේ ජංගම දුරකතනයක පටිගතව ඇත. එම අවාසනාවන්ත අනතුර සිදුවන අයුරු පහතින්. සංවේදී පුද්ගලයන් නැරඹීමෙන් වළකින්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |