පෙබරවාරි 19ට පෙර පාසල් සිසුන්ට ලැබෙන දේ - අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්..!

Ministry of Education A D Susil Premajayantha Department of Examinations Sri Lanka Sri Lankan Schools
By Sewvandhi Dec 05, 2023 08:47 AM GMT
Report

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, පාසල් සිසුන්ට පෙළපොත් ලබන වසරේ පෙබරවාරි 19 වනදාට පෙර ලබා දෙන බවයි.

ඒ අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක් වෙමින්.

මේ අතර,අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,   2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය හා උසස් පෙළ විභාග ඉදිරි වසර තුළ පවත්වන බවය.

පෙබරවාරි 19ට පෙර පාසල් සිසුන්ට ලැබෙන දේ - අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්..! | School Books For New Year

මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍ය ප්‍රේමජයන්ත කියා සිටියේ ප්‍රමාද වූ 2023 අපොස උසස් පෙළ විභාගය නියමිත පරිදි 2024 ජනවාරි මාසයේදී පවත්වන බවයි.

කෙසේ වෙතත්, 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි මස මැද භාගයේදී පැවැත්වීමට අදහස් කරන බව අමාත්‍යවරයා පැවසීය.