පාසල් පොත් බෑගය ගැන ගත්ත තීරණයක් - කරන්න යන මේ දේ ගැන දැනුවත් ද?.

Sri Lankan Schools School Incident Latest Headlines Decision Making
By krishani Mar 02, 2024 04:13 PM GMT
Report

පාසල් බෑගයේ බර අඩු කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය අනිද්දා නිකුත් කිරීමට නියමිතයි.

පාසල් පොත් බෑගය ගැන ගත්ත තීරණයක් - කරන්න යන මේ දේ ගැන දැනුවත් ද?. | School Bag Weight Reduction Circular

ඒ බව බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන සඳහන් කළේ ය.

පාසල් පොත් බෑගයේ බර පවතින තරගකාරි අධ්‍යාපන ක්‍රමය තුළ පාසල් සිසු සිසුවියන්ට මුහුණපෑමට සිදුව ඇති තවත් ගැටලු‍වක් වේ.

මේ අතර, බස්නාහිර පළාත් අධ්‍යාපන ක්‍රීඩා සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන වැඩිදුරටත් කියා සිටියේ පාසල් පෙළපොත් වෙනුවට තාක්ෂණික සුහුරු උපකරණ ලබාදීම තුළින් සිසු දරුවන් මුහුණපා ඇති පාසල් පොත් බෑගයේ බර සම්බන්ධ ගැටලු‍වට විසඳුමක් ලබා ගත හැකි බවයි.