අද සිට බලපැවැත්වෙන පරිදි, පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නවතම චක්‍රලේඛයක්..!
Ministry of Education
Sri Lanka
By Sewvandhi
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, අද (20) සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේඛයක් නිකුත් කරන බවයි.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.
එම නව චක්‍ර ලේඛයට අනුව අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ බලය පාසලේ විදුහල්පතිවරයාට පැවරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |