අප්‍රේල් 18න් පස්සෙ සියලු පාසල් සම්බන්ධයෙන් ගත් තීරණය මෙන්න..

Sri Lanka Education School
By Aruna Apr 07, 2022 02:05 AM GMT
Report

රජයේ සියලුම පාසල් සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් නිවාඩුව ඊයේ (06) සිට ආරම්භ කෙරුණු බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

නව පාසල් වාරය අප්‍රේල් 18 වනදා සිට යළි ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනු ලැබුවා.

කතෝලික පාසල් ද අදාළ තීරණය අනුව කටයුතු කරන බව ද දැනුම් දී තිබේ.

මේ අතර පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීම කෙරෙහිද අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ලබන වාරයේ සිට(අප්‍රේල් 18 සිට) පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම වසරට ( 2022) අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීම සඳහා දින 139ක් වැනි සීමිත කාලයක් පැවතීම මෙම තීරණයට හේතු වී තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අනුව වේලාව පැයකින් දීර්ඝ කිරීම නිසා දින විස්සක පමණ අමතර ඉගැන්වීම් කාලයක් ලබා ගැනීමට හැකි වන බව අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

වේලාව දීර්ඝ කිරීමෙන් පසුවත් විෂය නිර්දේශ ආවරණය කර ගත නොහැකි වන්නේ නම් තෙවැනි වාරයේ දී සෙනසුරාදාවන්හි පාසල් පැවත්වීම කෙරෙහි ද අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now