පාසල් සිසුවියකගේ සහ තරුණයකුගේ සිරුරු පාළු නිවසකින් හමුවෙයි..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jan 19, 2023 06:00 AM GMT
Report

පාසල් දැරියකගේ සහ තරුණයෙකුගේ සිරුරු දෙකක් ගලේවෙල ප්‍රදේශයේ පාලු නිවසක තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇති පාසල් සිසුවිය 14 හැවිරිදි වියේ පසුවන අතර තරුණයා 17 හැවිරිදි වියේ පසුවෙයි. පාසල් සිසුවිය ගලේවෙල අඹන්පොළ පදිංචිකාරියකි.

ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති බව පොලීසිය පවසන අතර මීට පෙර අවස්ථාවකදී නිවසින් පැනගොස් ඇති බවට වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී ඔවුන් දෙදෙනා සොයාගෙන ඇති අතර අධිකරණයෙන් අදාළ බාලයවයස්කාර පාසල් දැරිය ඇයගේ මවගේ භාරයට පත්කර තිබේ.

අනතුරුව පසුගිය දිනක නැවත ඔවුන් දෙදෙනා නිවසින් පැනගොස් ඇති අතර එහිදී තරුණයාගේ ගම් ප්‍රදේශය වන ආඳාවල පාලු නිවසක ඔවුන් රැඳී සිට ඇත.

ඔවුන් පිළිබඳව පාසල් සිසුවියගේ නිවසට ලැබුණු ආරංචියක් මත සොයාබැලීමට ගොස් ඇති අතර එම අවස්ථාව වනවිට ඔවුන් දෙදෙනා ගෙළවැලලාගෙන මියගොස් සිටියදී හමුවී තිබේ.

ඔවුන් දෙදෙනා සියදිවි හානිකරගත්තාද එසේත් නොමැති නම් ඝාතනයට ලක්වී ඇත්දැයි යන්න පිළිබඳව මේ වනවිට පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now