විභාගයක ප්‍රතිඵල නිකුත්වෙයි - හත් වැනිදාට පෙර වහාම මේ දේ කරන්න..!

Ministry of Education Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination Education Latest Headlines
By Sewvandhi Mar 01, 2024 08:44 AM GMT
Report

පසුගිය වසරේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල්වලට අයදුම් කිරීම සඳහා ලබාදී ඇති කාලය ලබන හත්වනදායින් අවසන් වනවා.

දැනටමත් පාසල්වල විදුහල්පතිවරුන් වෙත ඊට අදාළ අයදුම්පත් ලබාදී ඇති බවයි, අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ, ඒවා නිසි පරිදි සම්පූර්ණ කර ලබන හත්වනදාට පෙර විදුහල්පති වෙතම නැවත භාරදීමට කටයුතු කරන ලෙසයි .