ශිෂ්‍යත්වය,O/L සහ A/L විභාගයන් පවත්වන දිනයන් තීරණය කරයි...සියලු විස්තර මෙන්න.

Sri Lanka Education O/L exam A/L exam Exam department Scholarship exam Ministry of education
By Aruna Apr 05, 2022 04:38 AM GMT
Report

මෙවර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස පහළොස් වැනිදා ද උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 17 වැනිදා සිට ද පැවැත්වීමට අමාත්‍යාංශය දැනට සැලසුම් කර තිබෙන බව වාර්තා වනවා.

මේ අනුව මෙම වසරට(2022) නියමිත සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ ජනවාරි මස පළමු සතියේ දී පැවැත්වීමට නියමිත බවයි පැවසෙන්නේ.

මේ අතර පසුගිය වසරේ පැවැත්වීමට නියමිත වූ සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස 23 වැනිදා ආරම්භ කෙරේ.

මෙවැනි තත්ත්වයක් තුළ පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීම කෙරෙහිද අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ලබන වාරයේ සිට පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම වසරට ( 2022) අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීම සඳහා දින 139ක් වැනි සීමිත කාලයක් පැවතීම මෙම තීරණයට හේතු වී තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අනුව වේලාව පැයකින් දීර්ඝ කිරීම නිසා දින විස්සක පමණ අමතර ඉගැන්වීම් කාලයක් ලබා ගැනීමට හැකි වන බව අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

වේලාව දීර්ඝ කිරීමෙන් පසුවත් විෂය නිර්දේශ ආවරණය කර ගත නොහැකි වන්නේ නම් තෙවැනි වාරයේ දී සෙනසුරාදාවන්හි පාසල් පැවත්වීම කෙරෙහි ද අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now