විභාග කොමසාරිස්ගෙන් පහේ ශිෂ්‍යත්වය ගැන විශේෂ හෙළිදරව්වක්..!
විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, පසුගිය වසර හා සැසදීමේ දී මෙවර ශිෂ්‍යත්වය තුළින් දරුවන්ගේ සාධන මට්ටම ඉහළ ගොස් ඇති බවයි.
කඩයිම් ලකුණ ඉහළ ගොස් ඇත්තේ, දරුවන්ගේ සාධනය ඉහළ යෑම නිසා යනුවෙන් බවයි, විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා පැවසුවේ.
පසුගිය වසර දෙකටම වඩා මෙවර ශිෂ්‍යත්ව දරුවන්ගේ යම් ප්‍රගතියක් වාර්තා වන බවත් පැවසු විභාග කොමසාරිස්වරයා, මෙය සාධනීය තත්ත්වයක් බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
විභාග කොමසාරිස්වරයා පැවසුවේ, ර්ප්‍රතිඵලය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි දරුවෙක් සිටී නම් විදුහල්පතිවරයා විසින් ඒ පිළිබඳ අභියාචනා ඉදිරිපත් කළ හැකි බවත් මෙවර අභියාචනා භාරගැනීමේ යම් වෙනසක් සිදුකර ඇති බවත්ය.
ඒ අනුව අභියාචනා භාරගැනීම නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4 වනදා දක්වා මෙම මාර්ගගත පද්ධතිය විවෘත කිරීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ඒ අනුව අභියාචනා සලකා බලා ඉතා ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද විභාග කොමසාරිස්වරයා පැවසීය.