S.B.දිසානායකත් නව අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Udaya Gammanpila Pavithra Wanniarachchi S B Disanayake Gamini Lokuge Vimal weeravansha
By Sewvandhi Mar 03, 2022 02:30 PM GMT
Report

තවත් කැබිනට් අමාත්‍යවරයෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව විමල් වීරවංශ මහතා දරමින් සිටි කර්මාන්ත අමාත්‍යධුරයේ එස් බී දිසානායක මහතා දිවුරුම් දී ඇත.

ඊට අමතරව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා උදය ගම්මන්පිල මහතා දැරූ බලශක්ති අමාත්‍ය ධුරයේ  දිවුරුම් දී තිබුණි

ඒ අනුව නව විදුලිබල අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආච්චි මහත්මිය දිවුරුම් දුනි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now