ජය සමරන්න හෙට සෞදි අරාබිය කරන්න යන දේ

Saudi Arabia FIFA World Cup FIFA World Cup Qatar 2022
By Sithumi Nov 22, 2022 06:24 PM GMT
Sithumi

Sithumi

in එතෙර
Report

හෙට එනම් නොවැම්බර් 23 වැනි දා සෞදි අරාබියේ රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට පත් කළ බව, අද(22) සෞදි රාජධානිය විසින් නිවේදනය කළ බවට සෞදි පුවත් සේවයක් වන කලීජ් ටයිම්ස් වාර්තා කරනවා.

එම පුවත් වාර්තා අනුව දැක්වෙන්නේ FIFA ලෝක කුසලානයේ අද පැවති තරගයෙන් සෞදි අරාබි කණ්ඩායම වාර්තා කළ ඓතිහාසික ජයග්‍රහණය සැමරීම සඳහා යි.

ප්‍රබල ක්‍රීඩක ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම 2-1ක් වශයෙන් දෝහා හි ලුසේල් ක්‍රීඩාංගනයේ දී සෞදි අරාබි කණ්ඩායම විසින් පරාජයට පත් කිරීම හේතු කොට ගනිමින් මෙම නිවාඩුව ප්‍රකාශ කළ සෞදි රාජධානිය එම විශේෂ නිවාඩුව එරට රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම සියලුම සේවකයන්ට මෙන්ම රට පුරා සිටින සියලුම සිසුන්ටද අදාළ වන අයුරින් ලබා දී තිබෙනවා.

ලෝක කුසලාන තරගයක ජයග්‍රහණයකින් පසු කිසියම් රටක් රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙය නොවන අතර 1990 ලෝක කුසලාන තරඟාවලියේ ආරම්භක තරඟයේ දී ආජන්ටිනාවට එරෙහිව කැමරූන් රාජ්‍ය දැක් වූ මේ හා සමාන ම දක්ෂතාවක් නිසා, ඊට පසු දින කැමරූන් හි නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now