ස.තො.ස වහන අවසන් තීරණය ගැන ඇමතිගෙන් දැනුම්දීමක්..

Business Mobile Bandula Gunawardane Sri Lanka Politician Lanka Sathosa Nalin Fernando
By Aruna Jun 28, 2023 01:05 AM GMT
Report

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් (ස.තො.ස.) ඈවර කරන්නේද නැද්ද යන්න සම්බන්ධ අවසන් තීරණය එළැඹෙන සතියේදී ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඊට අදාළ සාකච්ඡාවන් මේ දිනවලදී මුදල් අමාත්‍යාංශය සමග සිදු කරනු ලබන අතර, ඒ අනුව යම් හෙයකින් ස.තො.ස. ආයතනය ඈවර කිරීමට තීරණය කළහොත් එහි දේපළ හා වත්කම් ලංකා සතොසට පවරන බවයි.

ස.තො.ස. ආයතනය වසර ගණනාවක් දිගින් දිගටම පාඩු ලැබීම මෙවැනි තීරණයකට එළඹීමට ප්‍රධානතම හේතුව බවයි පැවසෙන්නේ.

ස.තො.ස. ආයතනය ඈවර කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවට ‘‘සති අග ප්‍රධාන පුවත් පතක් පසුගිය 18 වැනිදා අනාවරණය කර තිබුණා.

ඇමැතිවරයා සඳහන් කළේ, ඒ අනුව යම් හෙයකින් සතොස ආයතනය ඈවර කළහොත් එහි සේවකයන් සම්බන්ධයෙන්ද අවසන් තීරණයක් ගැනීමට කම්කරු අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බවයි.

වසර 20ක පමණ කාලයක සිට මෙම ආයතනය රුපියල් බිලියන ගණනක පාඩුවක් ලබන අතර ඉන් වැඩි වශයෙන් පාඩු ලබන්නේ සතොස ආයතනයේ ප්‍රවාහන අංශය සහ ගොඩනැගිලි සඳහා බවයි හඳුනාගෙන ඇත්තේ.

එම නිසා තවදුරටත් මෙය පවත්වාගෙන යාම හරහා රජයට පාඩුවක් මිස කිසිදු ලාභයක් නොමැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කෙසේ වෙතත් මෙලෙස ස.තො.ස. ආයතනය ඈවර කිරීමට 2005 වසරේදීද සූදානම් වුවද ඊට සතොස ආයතනයේ සේවකයන් අකැමැති වූ බැවින් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා.