"ෆේස්බුක් එකේ අනුර කුමාර ජනපති වෙලා..සමාජ මාධ්‍ය මොනවා කිව්වත් අපි අනිත් පැත්ත හරවනවා.." මහින්දානන්දගෙන් සැර ප්‍රකාශයක්..!
සමාජ මාධ්‍ය ඔස්සේ කුමන මත ප්‍රචාරය වුවද ඉදිරි මාස කිහිපය තුළ තත්ත්වය ආපසු හරවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඊයේ (29) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
"ෆේස්බුක් එක බැලුවාම JVP එක හරියට නිකම් අනුර දිසානායක ඊළඟ ජනාධිපති වෙලා. සජිත් ප්‍රේමදාස මහත්තයා බෙරිහන්දෙනවා ආයෙ ආණ්ඩු හදන්න කියලා." "ඔබට මතක ඇති පහුගිය අවුරුදු පහේ මේ රටේ කොරපු දෙවල්. අවුරුදු 5ක් මේ රට විනාශ කරලා. මේ රටේ සම්පත් දේපළ විකුණලා. මේ රට නැතිබංගස්ථාන කරපු මිනිස්සු අද අණ්ඩු හදන්න කතා කරනවා."
"ඔය සමාජ මාධ්‍යවල මොන දේ කිව්වත් ඉදිරි මාස 6,7 තුළ අපි මේක අනිත් පැත්ත හරවනවා. මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි කියලා මට නම් හිතෙන්නේ. තාම පහුගිය කාලේ හොරුන්ට ගැහුවේ නෑ."
"හෙට අනිද්ද වෙනකොට ඔය ආණ්ඩු ගන්න ඉන්න අය ගණනාවකට යන්ඩ වෙනවා. ඒ අය කරපු සියලු දේවලට ඒ අයට පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |