"ගෑස් වෙනුවට දර භාවිත කිරීමෙන් ආයු කාලය වැඩි වෙනවා" - ප්‍රබලයෙක් කීව දර ගැන කතාව..

Sarath Weerasekara Sri Lanka Politician
By krishani Jun 08, 2022 03:18 AM GMT
Report

නවීන, පිරිසිදු බලශක්ති භාවිත කරන දියුණු රටවල මිනිසුන්ගේ ආයු කාලයට වඩා දර භාවිත කරන මෙරට කාන්තාවන්ගේ ආයු කාලය ඉහළ බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

ඊයේ(07) පාර්ලිමේන්තුවේ දී ඔහු අදහස් දක්වමින් පවසා සිටියේ,

"නවීන පිරිසිදු බලශක්ති ඉන්ධන පරිහරණය කරන දියුණු ධනවත් රටවල මිනිස්සුන්ගේ ආයු කාලය වසර 80යි සහ 85යි.නමුත් ලංකාවේ ගෑස් මිල දී ගැනීමට අපහසු දර පරිහරණය කරන කාන්තාවන්ගේ ආයු කාලය වසර 80.1යි. ඒ කියන්නේ ලංකාවේ සමහර දර්ශක දකුණු ආසියාවේ ඉහළ ම තැනට පත්ව තියෙනවා. එයින් පෙන්වන්නේ දර පාවිච්චිය රටේ සංවර්ධනයට මිස පරිහානියට හේතු වී නැති බව යි.”

“වර්තමානයේ දර භාවිතය ගෝත්‍රික ක්‍රියාදාමයක් ලෙස අවතක්සේරු කළත් වසර 1800 වන තෙක් ලෝකයේ ප්‍රධාන බලශක්තිය වුණේ දරයි. 2020 ලෝකයේ සම්පූර්ණ බලශක්ති පරිහරණයෙන් 10%ක් ම ලබා ඇත්තේ දරවලින්. 1800 වසරවල ලෝකයේ දර හිඟය නිසා බඩගින්න නිසා විශාල අපරාධ සිදුවී තිබෙනවා. දර සොරකම්, ඒ සඳහා දුන් දඬුවම් පිළිබඳව කාල් මාක්ස් පවා ලිපි පෙළක් ලියලා තියෙනවා.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join