ප්‍රබල ඇමතිවරයෙකුගේ ආරක්‍ෂක නිලධාරියාට කැති ප‍්‍රහාරයක්..බරපතලව රෝහලේ..

Police Accident Sri Lanka Colombo Attack Sarath weerasekara
By Aruna Feb 25, 2022 05:25 AM GMT
Report

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු වශයෙන් සේවය කරන සහකාර පොලිස් අධිකාරිවරයෙකු කැති ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මහරගම පොලිසිය සඳහන් කරන්නේ මෙම සහකාර පොලිස් අධිකාරීවරයා පදිංචි මහරගම නිවසේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි.

සහකාර පොලිස් අධිකාරිවරයාට කැත්තකින් පහර දුන් බව කියන ඔහුගේ මස්සිනා සිදුවීමෙන් පසුව පලාගොස් සිටියි.

මේ වනවිට තුවාල ලත් පොලිස් නිලධාරියා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.

පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now