සරත් ෆොන්සේකා ජනාධිපතිකමත් ඉල්ලයි..

srilanka Srilamka Sarath fonseka
By Sithumi Apr 09, 2022 12:54 PM GMT
Report

සමගි ජන බලවේගයට ආණ්ඩුව ලබා දෙන්නේ නම් ජනාධිපති ධූරය සමගම ලබාදිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම කියා සිටියේ මෙය තමන්ගේ පෞද්ගලික මතය බවයි. ආණ්ඩුව භාර ගන්නේ නම් ජනාධිපතිධුරය සහිත ආණ්ඩුවක් භාරගත යුතු බව ද හෙතෙම පැවසීය.

පළාත් සභා ව්‍යවස්ථානුකූලව පවතින තත්ත්වයක් යටතේ ජනාධිපති ධුරයක් රටට තිබිය යුතු බවද හෙතෙම පැවසීය. එනිසා පවතින අර්බුදය විසඳන්න බැඳී සිටින පිරිස ඉතා ඥානාන්විත ව වැඩ කළ යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.