රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට මොකද වුණේ?. විශේෂ ප්‍රකාශයක්..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sajith Premadasa
Sri Lanka Politician
Sri Lankan political crisis
By krishani
පසුගියදා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට දින 14ක පාර්ලිමේන්තු තහනමකට ලක් වීමට සිදු විය.
නමුත් ඔහු ඊයේ (06) පාර්ලිමේන්තුවට නැවතත් පැමිණියේ ය.
මෙලෙස රාජ්‍ය අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් කථානායකවරයා වීසින් ඔහුට සති දෙකක් දක්වා පාර්ලිමේන්තුව තහනමකට ලක් කරනු ලැබීය.
ඒ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්‍රකාරව කථානායක වෙත පැවරී ඇති බලතල අනුවයි.
මේ අතර, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අත තිබු ලිපි ගොනුවක් පැහැර ගැනීම සම්බන්ධයෙන් ද නිශාන්ත මහතාට චෝදනා එල්ල විය.
කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍යවරයා හෙට සිය පාර්ලිමේන්තු තහනම පිළිබඳව සහ විශේෂ වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි