"..එක එක අය කියන දේවල් කොච්චර ඉවසනවද, හැම ආත්මෙකම මගේම පුතා වෙන්න.." සමිතා ඉතා සංවේදීව ආදරණීය පුත් ශේන් ගැන දැමූ සටහන..(PHOTOS)

Sri Lanka Sri Lanka Social Media Gossip Today Sri Lankan Actress
By Sewvandhi Nov 05, 2022 03:09 PM GMT
Report

ගායිකාවක් විදියට අපේ ගායන ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න ජනප්‍රිය ගායිකාවන් අතරින් සමිතා මුදුන්කොටුව ඉතා ඉහල ස්ථානයක ඉන්නවා. ඒ වගේම ඇගේ මියුරු නාදයට එදා වගේම අදටත් ගොඩක් දෙනා ආදරය කරනවා වගේම හරිම කැමතියි.

සමිතා ගායනා කරන ගීත ගණනාවක්ම ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රියයි. ගායිකාවක් විදියට කාගේත් ආදරය ලබා ගත්තු සමිතගේ පෞද්ගලික ජීවිතයේ ඇය ගන්න යම් යම් තීරණ නිසා ප්‍රේක්ෂකයා ඇයව විවිධාකාරයෙන් විවේචනය කරනවා.

ඒ මොනව වුණත් ඇයනම් සතුටින් ඇගේ ජීවිතය ගත කරනවා. චිරන්ත එක්ක සමිතා එකතුවීමත් එක්ක ඔවුන් දෙදෙනාට හැමෝගෙම අවධානයට ලක් වුණා. ඒ ඔවුන් දෙදෙනා අතර තියෙන වයස් පරතරය නිසයි.

සමිතගේ ආදරණීය දුව කාවින්ද්‍යා අධිකාරිත්, පුතා ශේන් අධිකාරිත් සමාජ මාධ්‍ය හරහා අම්මට එල්ලවන චෝදනා ඉවසා ඉන්නවා. ඒ අතර ශේන්ටත් එක එක දේවල් මිනිස්සු කියනවා. ඉතින් අද දිනයට ශේන්ගේ උපන්දිනය යෙදිලා තියෙනවා.ඒ වෙනුවෙන් සමිතා ඇගේ මුහුණු පොතේ සංවේදී සටහනක් ශේන්ගේ උපන්දිනය වෙනුවෙන් සටහන් කරලා තිබුණා.

” හැපි බර්ත්ඩේ මගේ පුතා. අද වෙනකම් මගේ හිත කවදාවත් රිද්දලා නෑ. මගේ පුතාට ඒ පිනම ඇති. මගේ පුතා එක එක අය කියන දේවල් කොච්චර ඉවසනවද. අම්මි වගේ හැමදාම ඉවසගෙන ඉන්න මගේ පුතේ. මගේ පනට කවදාවත් වරදින් නෑ. ගොඩක් අය මගේ පුතාට ආදරෙයි. මගේ පුතාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන. හැම ආත්මෙක මගේ පුතා මගේම වෙන්න කියලා අම්මි ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි මගේ පන.’’


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery