ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකට උප නගරාධිපති පහරදෙයි - පරීක්ෂකවරයා රෝහල්ගත කෙරේ..!

Sri Lanka PHI mayor Moratuwa Samantha Silva Lunava hospital
By Sewvandhi Apr 09, 2022 12:26 PM GMT
Report

මොරටුව මහනගර සභාවට අයත් ගලි බවුසරය නොමිලේ ලබා ගැනීමට කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම නගර සභාවේ උප නගරාධිපති සමන්ත සිල්වා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මොරටුව මහනගර සභාවට තේරි පත් වූ සමන්ත සිල්වා විසින් මෙලෙස පහරදී ඇත්තේ එම නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලෙස කටයුතු කරන යසන්ත රුවන්සිරිටයි.

පහරදීම සම්බන්ධයෙන් ප්‍රධාන මහජන සෞඛය පරීක්ෂකවරයා මොරටුව පොලීසියට පැමිණිලි කර ඇති අතර, ඔහු මේ වනවිට ලුනාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now