සජබය සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් අතර අදත් තීරණාත්මක හමුවක්

Sajith Premadasa Sri Lankan protests Sri Lanka Samagi Jana Balawegaya
By Sewvandhi Apr 27, 2022 08:34 AM GMT
Report

නිදහසේ අරගලය යන්න තේමා කර ගනිමින් සමගි ජනබලවේගය ආරම්භ කළ විරෝධතා පා ගමනේ දෙවන දිනය අද පෙරවරුවේ මාවනැල්ල නගරයෙන් ආරම්භ වුණා. එය අද පස්වරුවේ ගලිගමුව නගරයෙන් අවසන් වීමට නියමිතයි.

ඊයේ මහනුවරින් ගමන් ආරම්භ කළ අතර, පස්වරුවේ කඩුගන්නාවට පැමිණ පළමු දිනය අවසන් කරනු ලැබුවා. විරෝධතා පා ගමන මැයි පළමුවන දා කොළඹින් අවසන් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

පා ගමනට එක්ව සිටින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා. මේ අතර, ගාලුමුවදොර පිටියේ විරෝධතාකරුවන් අද 19 වන දිනටත් අරගලයේ නිරත වනවා.

ඔවුන් ඊයේ රාත්‍රියේ පෙරහරක් ද සංවිධාන කර තිබුණා. ගාලුමුවදොර විරෝධතාකරුවන් ඊයේ පිරිත් සජ්ඣායනාවක් ද විකාශය කර තිබූ අතර විරෝධතාකරුවන් රැදී සිටින අරලියගහ මන්දිරය ඉදිරිපිට ස්ථානයේ ද ඊයේ පිරිත් සජ්ඣායනය කෙරුණු බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

එමෙන්ම, දිඹුලාගල - දළුකාන ආදිවාසීන් අද දිඹුලාගල - ගල්කන්ද ප්‍රදේශයට ගොස් දේව කන්නලව්වක නිරත වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now