සමගි ජන බලවේගයෙන් අලුත් තීරණයක්..!
ජනතා ගැටළු කඩිනමින් නිරාකරණය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බව සමගි ජන බලවේගය පවසයි. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ යෝජිත විශ්වාසභංග යෝජනාව පිළිබඳව වූ ක්‍රියාවලිය එලෙසම ඉදිරියට ගෙන යාමට පියවර ගන්නා බවය.
එසේම දැනට පාර්ලිමේන්තුව වෙත භාරදී ඇති 21 වන ව්‍යස්ථා සංශෝධනය වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පාර්ලිමේන්තුව තුළ සියලු පක්ෂවල සහභාගීත්වයෙන් පිහිටුවීමට කටයුතු කළයුතු බවත් එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.
මේ අතර එම සර්ව පාක්ෂික පාලනය තුළ වත්මන් ජනපතිවරයා හෝ අගමැතිවරයා ක්‍රියාත්මක නොවිය යුතු බවත් සඳහන් වෙයි. ඒ අනුව සියලු පක්ෂ නියෝජනය කරන කමිටුවක් මගින් නිශ්චිත කාල සීමාවකට මාර්ග සැලසුමක් සකසා ඉදිරි කටයුතු ක්‍රියාත්මක කළ යුතු බවද එහි සඳහන්ව ඇත.
එමගින් ජනතා ගැටලු නිරාකරණය කිරීම සහ ව්‍යස්ථා සංශෝධනය සිදුකර පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.
මේ අතර මෙම සර්ව පාක්ෂික ආණ්ඩුවට අවශ්‍ය බහුතරය පටු අරමුණු හෝ බාධාකිරීම්වලින් තොරව ලබාදීමට සියලු පාර්ශවයන් පැහැදිළි ප්‍රතිඥාවක් දිය යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |