සමගි ජන බලවේගය වැඩ පටන් ගයි..! අත්සන් එකතු කරමින් කරන්න යන අලුත්ම වැඩේ (Video)

Sri Lanka politics Samagi Jana Balawegaya parliament Sajith Premadhasa
By Sewvandhi Apr 09, 2022 10:49 AM GMT
Report

විශ්වාසභංග යෝජනාවට අමතරව ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝග යෝජනාවක් සඳහාද සමගි ජන බලවේගය අත්සන් එකතු කරමින් සිටින බව වාර්තා වේ.

විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් දැනට අත්සන් තබා ඇති අතර එහි පළමු අත්සන තබා ඇත්තේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය.

මේ අතර ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රියා කිරීමට පසුගියදා තීරණය කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතුරින් සමහරකු විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇතැයි දැනගන්නට ඇත.

අත්සන් සියල්ල සම්පූර්ණ කළ යුතු හෙයින් මෙම විශ්වාසභංග සහ දෝෂාභියෝග යෝජනා කතානායකවරයාට බාරදීම තවත් කෙටි කාලයක් ගතවනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now