ලෝකෙම අවධානයට ලක්වුණු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බේබි...

United Kingdom
By Sithumini Jul 07, 2024 03:00 PM GMT
Report


බ්‍රිතාන්‍යයෙ පසුගියදා පැවති මැතිවරණය ලෝකයේම අවධානයට ලක්වුණා. ඒ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් 22 හැවිරිදි තරුණයෙක් පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වීම හේතුවෙන්.

මේ හේතුවෙන් ඔහුට නමක් පටබැදීමටද ඉඩ ඇති බව විචාරකයින් පවසනවා.

ඒ පාර්ලිමේන්තුවේ සිටින ලාබාලතම මන්ත්‍රීවරයා වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ බේබි නමින්. ඔහු වයඹදිග කේම්බ්‍රිජ්ෂයර් කොට්ඨාසය නියෝජනය කරමින් වැඩි ඡන්ද 39කින් ජයග්‍රහණය කළා.  

 
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිලාභියෙක් වන සෑම් ජයග්‍රහණය කළේ වසර 22ක් පමණ කාලයක් මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ ශයිලෙෂ් වාරා පරාජය කරමින්.

මෙය මෙම සිදුවීම ලෝකයේම අවදානයට ලක්කිරීමට සමත්වූ තවත් එක් කාරණයක්. සෑම් පවසන්නේ තම ජයග්‍රහණය දේශපාලන භූමිකම්පාවක් ලෙසයි.