සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් 25දා යළි සලකා බැලේ

Law and Order Latest Headlines Sinhala news Puwath.lk Suresh Salley
By R.rishma Aug 10, 2026 09:42 AM GMT
Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ගොනු කර ඇති පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් අද (10) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණි.

එහිදී අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 25 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.