පඩි වැඩි කිරීමට එකඟ වෙයි..

Mahindananda Aluthgamage Palanivel Thiagarajan Latest Headlines
By Sewvandhi Jul 28, 2024 01:46 PM GMT
Report

 පා.ම මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.1700 දක්වා වැඩි කිරිමට වතු සමාගම් දහයක් එකග වි ඇති බවයි.

ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසය ආරම්භකර වසර 18ක් සපිරිම නිමිත්තෙන් අද (28) නාවලපිටියේ පැවති උත්සවයක් අමතමින්, ඔහු මේ බව කියා සිටියා.

එම වැටුප ලබාදිම ප්‍රතික්ෂේප කරන වතු සමාගම් රජයට පවරා ගන්නා බවත් නියමිත වැටුප ගෙවිමට හැකි වෙනත් සමාගම්වලට එම වතු පවරා දෙන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී කියා සිටියේ, ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි තම පක්ෂයේ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලබාදිමට තිරණය කල බවත්, නාවලපිටිය ප්‍රදේශයේ වතුකරයේ ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිමටත්, වතුකරයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහල දැමිමට අවශ්‍ය කටයුතු තමන් විසින් සිදු කර ඇති බවයි.

වසර පහකට වරක් වතු කම්කරුවන් වෙත පැමිණෙන වතුකරයේ දේශපාලඥයින් විවිධ පොරොන්දු ලබාදෙමින් ජන්දය ලබාගෙන යන බවත්, ජන්දයෙන් අනතුරුව එසේ පැමිණි කිසිදු දේශපාලඥයෙකු එම පොරොන්දු ඉටු නොකලද තමන් ජන්දයේදි පොරොන්දු වු සියළුම දේවල් මේ වනවිට ඉටු කරමින් පවතින බවත මහින්දානන්ද අලුත්ගමගේ වැඩිදුරටත් සඳහන් කළා.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%