රාජ්‍ය සේවකයින් පිරිසකගේ වැටුප් වැඩිවීමක් ගැන සතුටුදායක ආරංචියක්..වැඩි වන ප්‍රමාණය සහ දිනය මෙන්න..
Government Employee
Sri Lanka Cabinet
Government Of Sri Lanka
By Aruna
රජයේ විධායක නිලධාරීන්ගේ විධායක දීමනාව රු:25000ක් දක්වා රු:10000 කින් ජුලි 01 සිට ඉහළ නංවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.
මේ අනුව, රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරීන්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර ඇත්තේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා ඒ බව තහවුරු කර ඇත.
මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධාරීන්ට ද හිමි වන බවයි පැවසෙන්නේ.
ඊට අදාළ චක්‍රලේඛ විධිවිධාන 2024.07.01 දින සිට ක්‍රියාත්මක වන බවද දැනුම්දී ඇත.
මීට අදාල වැඩි විස්තර පහතින්,