"..අපිට කියලා ගස්සවගන්න හැදුවේ.." සජිත් ප්‍රේමදාස සියල්ල හෙළිකරයි

Sajith Premadasa Sri Lanka Samagi Jana Balawegaya
By Sithumi Nov 03, 2022 03:18 PM GMT
Report

ගල්ගමුවේදී අද (03) පැවැති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, ප්‍රචණ්ඩත්වයට කැමති කිසිවෙක් තමන් සමග එක්වීමට අවශ්‍ය නොවන බවයි.

එනම්, කොළඹදී ඊයේ (02) පැවැති විරෝධතාව අතරතුරදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විරෝධයක් එල්ලවීමත් සමග ඔහු එම ස්ථානයෙන් පිටව ගියේය.

විපක්ෂ නායකවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 39 වන බස්රථය ගල්ගමුව යූ.බී වන්නිනායක ජාතික පාසලට පරිත්‍යාග කිරීමේ උත්සවයට එක්වෙමින් ඔහු ඊයේ සිදුවීම පිළිබඳව ද අදහස් පළකළේය. විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා,

"ආණ්ඩුවට වුවමනා වුණා ප්‍රචණ්ඩත්වයට හරවන්න. ගුණ්ඩුවට රැවටුණේ නැහැ. අපිට කියලා ගස්සවගන්න රජයට වුවමනා වුණා. ප්‍රචණ්ඩත්වයෙන් පිරි උද්ඝෝෂණයක් කියන්න වුවමනා වුණා. යුද්ධයකට යන්න නෙවෙයි සූදානම් වුණේ. කඳුළු ගෑස්, ජල ප්‍රහාර ගහගන්න වුවමනාවක් තිබුණේ නැහැ. සමාජ මාධ්‍යයේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න වුවමනා නැහැ. මැතිවරණයක් හරහා රටේ වෙනසක් කිරීමයි අවශ්‍යතාව." 

  "යුද්ධ කරලා.. මරාගෙන.. දේපළ පුළුස්සන දේශපාලනය කරන්නේ නැහැ. මෝඩයෝ වගේ හැසිරිලා හරියන්නේ නැහැ. එහෙම හැසිරෙන්න ඉඩතබන්නේ නැහැ. සුළු කොටසක් ඊයෙත් ප්‍රචණ්ඩත්වය දියත් කරන්න එන්න ඇති. ප්‍රචණ්ඩත්වය ඕනේනම් වෙනත් දේශපාලන ගමනක් හොයාගන්න. අපේ පැත්ත පළාතක එන්න එපා." 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now