අස්ගිරි මහානාහිමි ට ලැබුණු විශේෂ උපාය මාර්ගික වැඩපිළිවෙළ
සර්වජන බලය සන්ධානයේ උපායමාර්ගික වැඩපිළිවෙළේ පළමු කෙටුම්පත අද (13) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් වෙත පිළිගැන්වීය.
ඒ, එම සන්ධානයේ නායකයින් අද උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීය. මෙලෙස පිළිගැන්වීම සිදු කෙරුණේ පසුගියදා ඉදිරිපත් කෙරුණු සර්වජන බලයේ උපාය මාර්ගික වැඩපිළිවෙළ ඇතුළත් ''සතුටු දැයක් - ව්‍යවසායකත්ව රාජ්‍යයක්'' පළමු කෙටුම්පත ය.
සර්වජන බලය නියෝජනය කරන පක්ෂ නායකයින් පළමුවෙන් මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබාගෙන තිබුණි. එම අවස්ථාවට මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන හා ගෙවිඳු කුමාරතුංග යන පිරිස එක්විය.
අනතුරුව පක්ෂ නායකයින් අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් බැහැ දැක තිබුණි.
ඉන් අනතුරුව පක්ෂ නායකයින් අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ද බැහැ දැක සිය උපායමාර්ගික වැඩපිළිවෙළ පිළිගන්වනු ලැබීය.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%