ආණ්ඩුවේ රහස් ගණුදෙනුවක් ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Anura Kumara Dissanayaka Sajith Premadasa Samagi Jana Balawegaya Minister of Energy and Power Kanchana Wijesekera
By Sewvandhi Dec 14, 2023 04:21 PM GMT
Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරන්නේ, මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඔස්ට්‍රේලියානු ආයතනයකට කැබිනට් අනුමැතිය ලබාදීමෙන් ආණ්ඩුව දූෂිත ගනුදෙනුවක් සිදුකර ඇති බවටයි.

අද(14) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා එම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් පළකළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පසුගියදා නිවේදනය කළේ, මෙගාවොට් 1500ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සමඟ ඒකාබද්ධ කරන ලද මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් මෙරට ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලාර් ගෲප් ආයතනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවය.

ආණ්ඩුවේ රහස් ගණුදෙනුවක් ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් | Sajith Premadasa Revelation

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 1727ක මුදලක් මෙරට ආයෝජනය කර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මතුපිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කෙසේවෙතත් මේ ව්‍යාපෘතිය ඔස්සේ ජනතාවට වැඩි මිලට විදුලිය මිලදී ගැනීමට සිදුවන බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.