විදුලියට මෙතරම් මුදලක් වැය කරන රටේ විදුලිය බිඳවැටෙන්නෙ කොහොමද? - විපක්ෂ නායක ප්‍රබල හෙළිදරව්වක්...

Sajith Premadasa Government Of Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By Sewvandhi Dec 10, 2023 06:20 AM GMT
Report

ඉකුත් 09 වෙනිදා මුළු දිවයිනටම විදුලිය බිඳ වැටීම නිසා ජන ජීවිතය අඩාල වීම සිදුවිය. ඒ ඔස්සේ ජාතික ආර්ථිකය බිඳවැටීම, ජල සැපයුමේ බාධා, රෝගීන්ට ජීවිතය හා මරණය අතර සටනක නිරත වෙන්නට සිදුවීම වැනි දැවැන්ත අනාරක්ෂිත තත්වයක් ඇතිවීමට විදුලිය වෙනුවෙන් මෙතරම් මුදල් වැය කරන රටක හේතුව කුමක්ද යන්න දැනගැනීමට පරීක්ෂණයක් පැවැත්වීම සිදුකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ප්‍රශස්ත විදුලි පද්ධතියක් මේ රටට අවශ්‍ය බවත්,විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී විදුලිබල මණ්ඩලය පුද්ගලික අංශවලට පැවරීම මඟින් අනාගතයේ රටට ව්‍යසනකාරී තත්වයක් ඇතිවිය හැකි බවත් ඔහු තවදුරටත් අවධාරණය කළා.

එමෙන්ම ඊයේ (09) එක් සම්ප්‍රේෂණ මාර්ගයක් බිඳවැටීම ඔස්සේ රටටම විදුලිය බිඳවැටීම සිදුවුයේ කෙසේද යන්නට අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය බවත්,මේ විදුලිය බිඳවැටීම ඔස්සේ ඊයේ දිනයේ රටට සිදුවූ පාඩුව පිළිබඳ ගුණාත්මක පරිශීලනයකට සහ සංඛ්‍යාත්මක පරිශීලනයක් ඔස්සේ නැවත මෙවැනි අවස්ථාවක් රටට සිදුවීමට නොතබන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසුවා.