සාටක පැළඳ අද පාර්ලිමේන්තු ආ හේතුව සජිත් හෙළි කරයි. - (VIDEO)

Parliament of Sri Lanka Sajith Premadasa Israel-Hamas War
By Wayomi Dec 07, 2023 07:52 AM GMT
Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුදු සහ කළු පැහැති සාටකයක් පැළැඳ අද (7) පාර්ලිමේන්තුවට සහභාගී වී සිටියා.

ඒ, ලෝකයට මැදපෙරදිගට සාමය සහ ආරක්ෂාව ප්‍රාර්ථනා කිරීම සඳහා තමන් මෙම සාටකය පැළඳ පැමිණි බවයි ඔහු සඳහන් කළේ.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,

 ''දෙපැත්තේම සිවිල් ප්‍රජාව කේන්ද්‍ර කර ගත් ප්‍රහාර අපි ප්‍රතික්ෂේප කරනවා . මවුවරුන් දරුවන් සිවිල් පුරවැසියන් මිය යෑම ඝාතනය වීම සමූල ඝාතන සංහාර ප්‍රතික්ෂේප කරනවා. ලෝක සාමය ඇතිවුණොත් තමයි ලෝක ස්ථාවරත්වය ඇතිවෙන්නේ. ඒක තමයි යථාර්ථය. අපි ලෝක සාමය ආරක්ෂාව වෙනුවෙන් හැමවිටම පෙනී සිටිනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය.''