විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට අභියෝගයක්..

Sajith Premadasa Sri Lanka Politician Sri Lankan political crisis
By krishani Nov 27, 2022 01:40 AM GMT
Report

රට තුළ වත්මනයේ සියල්ල සිදුවෙමින් පවතිනුයේ සියල්ල කන පිටට බවත් රටේ ජනතාව එකට එක්වෙනවාට ආණ්ඩුවට ඇත්තේ පුදුමාකාර බියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම තමන් කිසිවිටෙක තර්ජන ගර්ජන වලට හෝ තහංචි වලට බිය නොමැති බව පැවසූ විපක්ෂ නායකවරයා එවැනි තහංචිවලින් තමන්ව මැඩ පැවැත්විය නොහැකි බව ද ප්‍රකාශ කළේ ය.

ඒ මහතා ඊයේ (26) මාවනැල්ල ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් මේ බව සදහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join