සජිත් ජනපති රනිල් අගමැති කරන අලුත්ම යෝජනාවක් එළියට..(VIDEO)

United National Party Ranil Wickremesinghe Sajith Premadasa Sri Lanka Politician Samagi Jana Balawegaya
By Aruna Jun 12, 2023 11:09 PM GMT
Report

ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා එක් වීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනා වී ඇති බව එම පක්‍ෂයේ බෞද්ධාගමික කටයුතු ප්‍රධානී ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා සඳහන් කරනවා.

එම යෝජනාව සම්බන්ධයෙන් පක්ෂයේ ඇතැමුන් කැමැත්ත පළ කර ඇති බවත්, සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයෙක්ද වන හෙතෙම කියා සිටියා.

එම එකතුවීම තුළ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා විය යුතු බවත්, අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිය යුතු බවත් ධනවර්ධන ගුරුගේ මහතා පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදීය.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැන ගන්න.