සමගි ජන බලවේගයේ සහය ඩලස්ට හිමිවෙයි..නව ජනපති ඩලස්?..අගමැති සජිත්?.

Dullas Alahapperuma Sajith Premadasa President of Sri lanka
By Aruna Jul 19, 2022 04:38 AM GMT
Report

සමගි ජන බලවේගය ජනාධිපතිවරණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.

දැනට ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දීමට නියමිත ව සිටින්නේ, වත්මන් වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස හා ඩලස් අලහප්පෙරුම යි.

අද (19) ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා භාර දීමට නියමිත අතර, හෙට දිනයේ එහි ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත් යම් හෙයකින් සජිත් ප්‍රේමදාස අපේක්ෂකත්වයෙන් ඉවත් වුව හොත් අනුර කුමාර දිසානායක ද අපේක්ෂකත්වයෙන් ඉවත් වන බවට අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

අදාල ටිවිටර් පණිවුඩය පහතින් බලන්න.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery